නායක කුසල් ජනිත් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි..

නායක කුසල් ජනිත් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි..

by Staff writer 28-06-2021 | 10:03 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.

ඔහු මේ බව පැවසුවේ හෙට(29) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව එංගලන්තයේ සිට අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා,
චරිත් අසලංක ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ගොඩක් නවක ක්‍රීඩකයින් මේ වන් ඩේ සීරීස් එකට යොදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ටී ටුවෙන්ටි තරගාවලිය පැරදුණු විදිහ ඒක අපි හැමෝටම ඇක්සෙප්ට් කරන්න බෑ. ගත්ත අත්දැකීම් වලින් බලන්නේ කොහොමද අපි හොඳ තරගයක් දෙන්නේ කියන දේ තමයි. ගොඩක් වෙලාවට ප්ලේයර්ස්ලගේ පර්ෆෝමන්ස් උස්සා ගන්න ඕනේ. බෝලිං, ෆීල්ඩිං අපේ එක්තා ස්ටෑන්ඩර්ඩ් එකක තියෙනවා. ප්ලේයර්ස්ලා හැටියට දැනට ගන්න ඕනේ බැටිං කියන යුනිට් එක තරගකාරීත්වයක යෙදෙන්න පුළුවන් ටාගට් එකක් හදලා දෙන්න කියන එක. පිළිගන්නවා අපි පැරදෙන විදිහට හුඟාක් ෆෑන්ස්ලා දුකෙන් ඉන්නේ. ඒ වෙලාත් අපිට මෙහෙම කතා කරලා ඇට් ලීස්ට් අපිට විෂ් කරන එක ගැන අපි සතුටු වෙනවා. කණගාටුව ප්‍රකාශ කරන්න ඕනේ ඒ ගොල්ලන්ගේ තියෙන හෝප්ස් අපි සීමිතක් දුරට නැති කරලා තියෙනවා. සමාව ඉල්ලනවා කැප්ටන් කෙනෙක් විදිහට මොකද මේ වෙලාවේ තියෙන ප්‍රශ්න එක්ක ඇත්තටම මෙහෙම ෆෑන්ස්ලා ඉන්න එක ගැන සතුටුයි.