පුද්ගලයින් දෙදෙනකුට හිංසා කිරීමක් ගැන විමර්ශන...

සමාජ මාධ්‍යයෙන් අපහාස කළා යැයි, පුද්ගලයින් දෙදෙනකුට වධ හිංසා කිරීමේ සම්බන්ධයක් ගැන විමර්ශන...

by Staff writer 27-06-2021 | 1:34 PM

COLOMBO (NEWS1ST) : සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහස කළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස වධ දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලගොල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ප්‍රධාන සැකකරු අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන 30 හැවිරිදි පුද්ගලයකු බවයි. ඔහුගේ මිත්‍රයින් දෙදෙනෙකු වන මෙම පුද්ගලයින් දෙදෙනා සිය නිවසට ගෙන්වා ගැනීමෙන් පසු අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් කෘර ලෙස වධ හිංසා පමුණුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.