100×4 සහය දිවීම:ලංකාව අවසන් තරගයට

මීටර් 100 ×4 සහය දිවීම කාන්තා අවසන් තරගයට ලංකාව සුදුසුකම් ලබයි

by Staff writer 26-06-2021 | 10:54 AM

News 1st - ඉන්දියාවේ පැවැත්වෙන 60වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100x4 සහය දිවීම කාන්තා ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගෙන තිබේ.

ඒ, මූලික වටයේ සහභාගී වූ තරගයේදී තත්පර 45 යි දශම 3 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. ශෙලින්ඩා ජැන්සන්, අමාශා ද සිල්වා, මේධානි ජයමාන්න සහ ශෆියා යමික් ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා කණ්ඩායම නියෝජනය කළහ. ඉන්දියාවේ, පටියාලාහිදී පැවැත්වෙන මෙම මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර ඔලිම්පික් පරිසාදන මට්ටම සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඇති අවසන් අවස්ථාව මෙය වේ.