අමාෂා 100m අවසන් තරගයට..

අමාෂා ද සිල්වා මීටර් 100 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබයි

by Staff writer 26-06-2021 | 2:52 PM

COLOMBO (News 1st) - අමාෂා ද සිල්වා ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ, මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලබාගෙන තිබේ.

ඒ, අද(26) උදෑසන පැවති මූලික වටයේ තරගයේදී තත්පර 11යි දශම 6යි 4ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් මහා තරගය අද(26) රාත්‍රී 7.55ට පැවැත්වේ. ඉන්දියාවේ, පතියාලාහිදී පැවැත්වෙන මෙම මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර ඔලිම්පික් පරිසාදන මට්ටම සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඇති අවසන් අවස්ථාවයි.