T20 තරගාවලි⁣යේ ජය එංගලන්තයට

තවත් තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි..

by Chathuranga Rajapaksha 25-06-2021 | 9:33 AM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣ය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය ඉදිරියෙන් සිටී. ඊයේ පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් හිමිවිය. ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තය හඹා යනවිට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඉන් පසු ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 18කදී ලකුණු 103ක ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තයට හිමිවිය. එංගලන්ත කණ්ඩායම එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී තිබියදී පන්දුවාර 16යි පන්දු 1කදී ලබා ගත්තේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.