COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත්ව අදට මසකුත් දින 5ක් ගතවෙයි.
ඉන් මෙරට සාගර කලාපයට, සාගර ජීවින්ටම මෙන්ම සුන්දර වෙරළ තීරයට ද දැඩි හානියක් සිදු විය.
නෞකාව අනතුරට පත්වීමේ සිද්ධියෙන් අනතුරුව දිවයිනේ ස්ථාන රැසක වෙරළ තීරයන්ට මියගිය මුහුදු සත්ත්වයින්ගේ සිරුරු ගොඩගැසුණි.
මේ වනවිට හමු වී ඇති කැස්බෑ සිරුරු සංඛ්‍යාව 100 අධිකයි.
අදත් වෙන්නප්පුව, වයික්කාල මුහුදු තීරයට කැස්බෑ මළ සිරුරක් ගොඩ ගසා තිබුණි.
අප වාර්තාකරු පැවසුවේ, හලාවත හා වයික්කාල ආශ්රිත ප්‍රදේශවල වෙරළ තීරයන්ට කසළ කොටස් ද අද ගොඩගසා තිබෙන අයුරු දක්නට ලැබුණු බවය.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදු වූ හානිය පිළිබඳව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය විමසීම සඳහා සමගි ජන බලවේගයේ පරිසර කමිටුව අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණියේ ය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා,
පාර්ලිමේන්තුව තුළ අපි ලෑස්තියි ලංකාව වෙනුවෙන් ලංකාවේ පරිසරය වෙනුවෙන් සටන් කරන්න ලෑස්ති කියන එක තමයි අපි සභාපතිතුමිය ට විපක්ෂ නායකතුමා වෙනුවෙන් ඒ කරුණු කිව්වේ. තියෙන පනත අලුත්වැඩියා කරලා තව බලතල ලබා දෙන්න ඕන මේ වගේ ආයතනවලට.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා,
මුලින්ම අඳුර ගන්න ඕන අපිට වෙලා තියෙන හානිය. දෙවෙනි එක තමයි ඒක අවම කරගන්න ගතයුතු ක්‍රියාමාර්ග. අනාගතයේදී මෙවැනි අනතුරක් උනහම ඒ අනතුරට මුහුණ දීලා ඒ හරහා සිදුවන හානිය අවම කර ගැනීම.මේ සඳහා රජයක් හැටියට රටක් විදියට අපි සූදානම් වෙන්න ඕන.
ප්රශ්නය,
ලංකාවට ටිකක් නුදුරින් මේ වෙලාවේ නැවක් ගිනි ගන්නවා කියලා කියනවා. ඔබතුමාලා ආවේ ඉදිරියේදී මේ වගේ දේවල් වළක්වා ගැනීමට ආයතනය දැනුවත් කරන්න.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා,
මොකක් හරි අපලයක් ද දන්නේ නැහැ. දැන් තුන්වෙනි නැව එහෙම ගිනි ගන්නවා නම්. මේ ගැන අදාළ ආයතන ක්‍රියාමාර්ග ගන්න ඕන.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් පසු අපගේ මුහුදු කලාපයේ සිදු වෙමින් ඇති බරපතළ පරිසර හානියට එරෙහිව පෙරටුගාමී සමාජවාදී තරුණ පෙරමුණ අද(25) විරෝධය පළ කළේ ය.
ඒ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ අමාත්‍යාංශය පිහිටා ඇති, බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ල ඉදිරිපිටදීය.
මෙහිදී විරෝධතාවයේ නිරත පිරිස රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියෙකුට සංදේශයක් භාර දුන්නේය.