ශ්‍රී ලංකා - එංගලන්ත පළමු T20 තරගය අද

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු T20 තරගය අද

by Staff writer 23-06-2021 | 2:40 PM

News 1st - තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද(23) පැවැත්වේ.

තරගය එංගලන්තයේ කාඩීෆ්හිදී මෙරට වේලාවෙන් රාත්‍රී 11.00 ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 යි 20 තරග 9 ක් පවත්වා ඇති අතර එංගලන්තය ඉන් තරග 5 ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති තරග සංඛ්‍යාව 4කි. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර එංගලන්ත කණ්ඩායම මෙහෙය වන්නේ ඔයින් මෝගන් ය.