by Staff writer 22-06-2021 | 10:55 AM
News 1st - එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඇතැම් ක්රිකට් තරග සඳහා ක්රීඩාංගණ ධාරිතාවයෙන් 50% ක ප්රේක්ෂක පිරිසක් කැඳවීමට එරට ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්රී ලංකාව සමග ලබන 29 වැනි දා ආරම්භ වන එක්දින ක්රිකට් තරගාවලියේදී මෙය අත්හදා බැලීමට නියමිතය.
පකිස්ථානයට එරෙහි එක්දින ක්රිකට් තරගාවලියේදී ද එලෙස ක්රීඩාංගණ ධාරිතාවයෙන් 50%ක ප්රේක්ෂක පිරිසක් කැඳවීමට තීරණ කර ඇත.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ක්රිකට් තරගවලදී ක්රීඩාංගණවල ධාරිතාවයෙන් 25% ක ප්රමාණයකට පමණක් ප්රේක්ෂක සහභාගීත්වය සීමා කර තිබුණි.