by Staff writer 17-06-2021 | 7:52 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවස අද(17) දහවල් පොලිස් නිලධාරීන් පිරිසක් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ.
නිවසට පොලිස් නිලධාරීන් මන්ත්රීවරයාට පවසා ඇත්තේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා බස් රථ මගින් පිරිස් රැස් කරන බවට ලද තොරතුරකට අනුව පැමිණි බවය.
එහිදී නිවසේ රැඳී සිටි මන්ත්රීවරයා අදාල නිලධාරීන් හමු වී තිබේ.
පසුව ප්රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායම පරීක්ෂණ වලින් අනතුරුව, පිටව ගිය බව අප කළ විමසීමකදී හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා සඳහන් කළේය.
අදාළ සිදුවීම පිළිබඳව CCTV දර්ශන...
https://youtu.be/Mz6c2mrKmSw