ජොකෝවිච්ට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව

නොවැක් ජොකෝවිච්ට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව

by Staff writer 14-06-2021 | 2:00 PM

News 1st - ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩක, සර්බියාවේ නොවැක් ජොකෝවිච් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් විය.

අවසන් මහා තරගයේදී ඔහු හමුවේ වට 3ට 2ක් ලෙස පරාජය වුණේ, ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් ය. නොවැක් ජොකෝවිච් මීට පෙර 2016 වසරේදී ද ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ගෙන ඇත. මෙම තරග ජයග්‍රහණයත් සමගින් නොවැක් ජොකෝවිච් ජයග්‍රහණය කර ඇති මුළු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි සංඛ්‍යාව 19 කි. ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි 4 ට අයත් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පැරිස්හිදී පැවැත්විය.