මීටර් 10,000 ලෝක වාර්තාව සිෆාන් හසාන්ට

මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව නෙදර්ලන්තයේ සිෆාන් හසාන්ට

by Staff writer 07-06-2021 | 3:20 PM

News 1st - නෙදර්ලන්තයේ සිෆාන් හසාන් මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව තමන් සතු කර ගෙන තිබේ.

28 හැවිරිදි සිෆාන් හසාන් නෙදර්ලන්තයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මෙම ලෝක වාර්තාව පිහිටුවූවාය. ඇය එහිදී මීටර 10,000 කාන්තා ඉසව්ව අවසන් කළේ, මිනිත්තු 29 යි තත්පර 6 යි දශම 8 යි 2 ක කාලයකිනි. ඒ අනුව, 2016 රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලේදී එම ඉසව්ව මිනිත්තු 29යි තත්පර 17යි දශම 4යි 5ක කාලයකින් අවසන් කරමින් ඉතියෝපියාවේ අල්මාස් අයානා පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳ දැමුවා ය. ඉතියෝපියාවේ උපත ලැබූ සිෆාන් හසාන් නෙදර්ලන්තයට සංක්‍රමණය වූයේ 2008 වසරේදීය. ඒ වනවිට ඇය 15 වැනි වියේ පසු වූවාය. 2019 දෝහා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 1,500 සහ මීටර 10,000 ධාවන ඉසව් ජය ගත් ඇය එම ඉසව්වල වත්මන් ලෝක ශූරියයි. ඒ වන තෙක් ඉහත ඉසව් දෙකම එක් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක් තුළ ජය ගැනීමට කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සමත්ව තිබුණේ’ නැත.