අමෙරිකාවෙන් එන කොවිඩ් එන්නත මොකක්ද?

අමෙරිකාවෙන් එන කොවිඩ් එන්නත මොකක්ද?

by Staff writer 04-06-2021 | 10:15 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට, කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 07 ක් පරිත්‍යාග කිරීමට අමෙරිකාව සැලසුම් කර තිබේ.

ඒ, එන්නත් මිලියන 80 ක් ලොව පුරා රටවලට පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේය. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ තීරණයකට අනුව එම වැඩසටහන ක්‍රියාත්මකය. අමෙරිකාව මේ වනවිට කැනඩාව සහ මෙක්සිකෝවට, එන්නත් මාත්‍රා මිලියන 4 ක් බෙදා හැර අවසන් වේ. මේ මාසය අවසන් වනවිට ලොවපුරා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 80 බෙදාහැරීම අමෙරිකානු ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
අමෙරිකාවෙන් එන්නත් ලබා දීම පිළිබඳව ධනාත්මක ලෙස භාරගත යුතුයි දෙයක්. ෆයිසර් ද ඇස්ට්‍රසෙනිකා එන්නතද කියන එක සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවලට අනුව ඒ තීරණ සම්බන්ධීකරණය කරනවා ඇති. වැඩියෙන්ම අපි බලාපොරොත්තු වෙන දේ තමා ඇස්ට්‍රසෙනිකා. මොකද අපිට දෙවන මාත්‍රාව දීමට සංඛ්‍යාවක් අපි ළඟ ඉන්නවා