රංගන හේරත් බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු වෙයි ද?

රංගන හේරත් බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක්..

by Staff writer 01-06-2021 | 9:32 AM

COLOMBO (NEWS1ST) : හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ මේ පිළිබඳ අවසන් අදියරේ සාකච්ඡා ඉදිරියේදී සිදු කරනු ඇති බවයි. නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක ඩැනියෙල් විටෝරි මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.