බංග්ලාදේශය සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ

බංග්ලාදේශය සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ: ලංකාව 12වැනි ස්ථානයේ..

by Staff writer 29-05-2021 | 11:10 AM

News 1st - බංග්ලාදේශ කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසු වෙයි.

ඒ, තරග 9කට සහභාගී වී ඉන් තරග 5ක් ජයගෙන ප්‍රසාද ලකුණු 50ක් හිමිකර ගනිමිනි. පිළිවෙළින් එහි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසු වන්නේ එංගලන්තය සහ පකිස්ථානයයි. තරග 6කට සහභාගී වී ඉන් එක් තරගයක් පමණක් ජය ගත් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 12 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවැති තරගය ජය ගැනීම හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු 8ක් හිමිව තිබේ.