උෂාන් තිවංක උස පැනීමෙන් ලක්මව බබළවයි

උෂාන් තිවංක උස පැනීමෙන් ලක්මව බබළවයි

by Staff writer 29-05-2021 | 2:45 PM

COLOMBO (News 1st) - අමෙරිකා එන්.සී.ඒ.ඒ. මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ උස පැනීම පිරිමි අංශයේ ශූරතාව ශ්‍රී ලංකාවේ උෂාන් තිවංකට හිමි විය.

අමෙරිකාවේ ජාතික විද්‍යාලීය මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරග පැවැත්වුණේ ඊයේ (28) දිනයේදීය. එහිදී උෂාන් තිවංක තරග කළේ, ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලය නියෝජනය කරමිනි. අධික ශීත තත්ත්වයක් යටතේ වුවද මීටර 2යි දශම 1යි 7ක උසක් සටහන් කළ ඔහු එහි උස පැනීම අංශයේ ශූරතාව දිනා ගත්තේ ය.