තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට..

by Staff writer 28-05-2021 | 11:12 PM
COLOMBO (News 1st): බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් අද ජය ගත්තේය. කෙසේ නමුත් බංග්ලාදේශය තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගෙන අවසන්. තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාbanvsl කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළේය. නායක කුසල් ජනිත් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 82කි. ගුණතිලක 4 පහර 5ක් සහ 6 පහරක්ද සමගින් ලකුණු 39ක් රැස් කළේය. 6 වැනි එක්දින ශතකය වාර්තා කළ කුසල් ජනිත් ලකුණු 120ක් රැස් කළේය. ඔහු සහ ධනංජය ද සිල්වා අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 65කි. ධනංජය නොදැවී ලකුණු 55යි. ටස්කින් අහමඩ් ලකුණු 46ට කඩුලු 4ක් දවා ගත්තේය. තරගයේ පළමුවෙන් පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 286 කි. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3 ලකුණු 28කදී බිඳ වැටුණි. එම කඩුලු 3ම දවා ගත්තේ දුෂ්මන්ත චමීර. ශකීබ් අල් හසන් ලකුණු 4කට දැවී ගිය අතර නායක ටමීම් ඉක්බාල් ලකුණු 17යි. මොසාද්දෙක් හුසේන් ලකුණු 51ක් රැස් කළා. මොහොමඩ් මහමුදුල්ලා ලකුණු 53යි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 16ට කඩුලු 5ක් දවා ගත් අතර ඔහු එක්දින තරගයක ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාව මෙය වේ. වනිදු හසරංග සහ රමේෂ් මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.