කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි

ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි

by Staff writer 25-05-2021 | 2:17 PM

COLOMBO (News 1st) - පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

මලල ක්‍රීඩා සංගමය පවසන්නේ, තරගාවලිය පැවැත්වීමට සති 6 කට පෙර අදාළ දිනය දැනුම් දෙන බවය. මේ අතර ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඉතිරි ඉසව් 29 ඉදිරි කාලයේදී අදියර වශයෙන් හෝ පැවැත්වීමට කටයුතු කරන බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර ඇත. එහි වැඩිදුරටත් දැක්වුණේ, අදාළ ඉසව් පැවැත්වෙන ආකාරය මසකට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට දැනුම් දෙන බවය.