20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී පවත්වයිද?

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී පවත්වයිද?

by Staff writer 22-05-2021 | 10:17 AM

COLOMBO (News 1st) - 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන මස 01 වැනිදා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය. කෙසේ නමුත් කොවිඩ් 19 වසංගතය නිසා ඉන්දියාවේ මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් තරගාවලිය පැවැත්වීම ගැටලුවක් වී තිබේ.