ක්‍රිකට් මුල් පුටුව යළි ත්  ශම්මි සිල්වාට

ශම්මි සිල්වා නිතරගයෙන් ක්‍රිකට් සභාපති ධුරයට

by Staff writer 20-05-2021 | 11:33 AM

COLOMBO (News 1st) : ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරට අද (20) නිතරගයෙන් තේරී පත් විය.

2021 - 2023 කාල පරිච්ඡේදය සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය  පැවැත්වුණේ, අන්තර්ජාලය ඔස්සේයි. එහිදී හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නැවතත් එම තනතුරට නිතරගයෙන් තේරී පත් වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා ඉදිරිපත් කළ කේ. මතිවානන්, නිශාන්ත රණතුංග සහ බන්දුල වර්ණපුර යන මහත්වරු පසුගිය දා එම නාම යෝජනා ඉවත් කර ගත්හ.