සූජීව ගොඩලියැද්ද විශේෂ විමර්ශන ඒකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට්: සූජීව ගොඩලියැද්ද ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට

by Staff writer 07-05-2021 | 11:54 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්ද මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද කැඳවා තිබුණි.

සූජීව ගොඩලියැද්ද මහතා විමර්ශන ඒකකයට කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි. ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් මින් පෙර මාධ්‍ය වාර්තා පළ විය. විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කිහිප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ති‌බේ. අප කළ විමසීමකදී විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙකු පැවසුවේ, සූජීව ගොඩලියැද්ද මහතාගේ රියැදුරු සහ පෞද්ගලික ලේකම්වරිය ද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සී.සී.ටී.වී. පද්ධතියේ දර්ශන ද ලබා ගනිමින් විමර්ශන සිදු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. https://youtu.be/MujDs382BqU