ශ්‍රීලංකා ග්‍රේට්ස්,ටීම් ශ්‍රීලංකා T20 තරගය කල්යයි

ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා 20යි 20 තරගය කල් දමයි

by Staff writer 02-05-2021 | 5:54 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහභාගී වන ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු සංචිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20යි 20 තරගය කල් දමා තිබේ.

එය අනිද්දා(04) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කොඩිව් අරමුදල ආධාර පිණිස එම තරගය සංවිධානය කර තිබීම විශේෂත්වයකි. නමුත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තරගය කල් දැමීමට තීරණය කර තිබේ.