වරාය නගර පනතේ විවාදය එක දවසකට සීමාවෙයි

විපක්ෂයේ ඉල්ලීම නොතකා කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එක් දිනකට සීමා කළා - අනුර කුමාර

by Staff writer 30-04-2021 | 11:01 AM

COLOMBO (News 1st) - කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිසම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන මස 05 වැනි දා පවත්වන බව ආණ්ඩු පක්ෂය අද පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබේ.

නමුත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ එහිදී අවධාරණය කර ඇත්තේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් පිළිබඳ විවාදය එක් දිනකට සීමා නොකරන ලෙසය. කෙසේ වෙතත් ඊට ආණ්ඩු පක්ෂය එකඟතාව පළ නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.