එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් ප්‍රමිතියෙන් තොරයි

එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණයක්

by Staff writer 27-03-2021 | 2:32 PM

COLOMBO (News 1st) - මෙරටට පොල්තෙල් ආනයනය කළ එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබේ.

ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂාවන්වලදීය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පැවසුවේ, සෙසු ආනයනකරුවන් තුන්දෙනාගේ පොල්තෙල් සාම්පල පරික්ෂාව මේ වනවිට සිදුවන බවයි. අදාළ ආනයනකරු ගෙන් වූ පොල්තෙල් අවස්ථා දෙකකදී පරීක්ෂා කිරීමේදී ඒවා ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇතැයි ඇය සඳහන් කළා ය. අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ, එම ආනයනකරුට අයත් පොල්තෙල් ප්‍රතිඅපනයනයට පියවර ගන්නැයි රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවයි. මේ අතර ආන්දෝලනයට ලක්ව ඇති පොල්තෙල් අඩංගු කන්ටේනර් 13 කට රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මේ වනවිට මුද්‍රා තබා ඇතැයි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ ය.