by Staff writer 12-03-2021 | 7:46 AM
COLOMBO (News 1st) – මෙරට වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක 03ක් අලුතින් 2020 රතු දත්ත පොතට ඇතුළත් කර තිබේ.
ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙලෝමි කිෂ්ණරාජා මහත්මිය සඳහන් කළේ, 2020 ට අදාළව එම ශාක වර්ග 03 ඇතුළත් කර ඇති බවයි.
ඒ අනුව,
01 රිනෝරියා බෙංගාලන්සි
02 රිනෝරියා ඩෙකොරා
03 කුඩියා සෙලනිකා
යන ශාක ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බවට අලුතින් ඇතුළත් කර තිබේ.
මිට ඉහත දි වඳ වී යාමේ තර්ජනයට ලක්වන බවට රතු දත්ත පොතට ශාක වර්ග 05 ක් ඇතුළත් කර තිබුණි.
එය සංශෝධනයට ලක් කරමින් මෙවර රතු දත්ත පොතට වඳ වීමේ තර්ජනයට ලක්වන ශාක 03 ක් නම් කර තිබේ.
එම ශාක වඳ වීමේ තර්ජනයට ලක් වුව ද මෙරට දක්නට ඇති බවට රතු දත්ත පොතට ඇතුළත් කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළාය.
වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තුගත කිරීම සඳහා රතු දත්ත පොත බිහි වී තිබේ.
මෙහි මූලික පරමාර්ථය වන්නේ, ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැක ගැනීමයි.