මහියංගණයෙන් කොරෝනා ආසාදිතයින් 181ක්

දිවයිනේ MOH කොට්ඨාස 135 කින් කොරෝනා ආසාදිතයින් 869ක්...

by Sagarika Chathumali 09-02-2021 | 9:52 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (08) මෙරටින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 887 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 9 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි ආසාදිතයින් 878 දෙනා හඳුනාගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 214 කි. ඊට අමතරව ගම්පහ, බදුල්ල දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 208 ක් 181ක් ලෙස වාර්තා වේ. ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 181 දෙනා ම මහියංගණය MOH කලාපයෙන් හමුවීම විශේෂත්වයකි. පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතව සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 740 කි. අද (09) වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70, 235 ක් වන අතර පුද්ගලයින් 64141 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ආසාදිතයින් 5729 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඊයේ මරණ 9 ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තාවී ඇත්තේ, ගුරුදෙණිය, කොළඹ 15, කොළඹ 12 , මීගමුව, කයිට්ස්, කුරුණෑගල, හොරණ අනුරාධපුර සහ මාවනැල්ල යන ප්‍රදේශවලිනි. අද (01) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් 9,025 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 12,145 කි.