CTB ආදායම මිලියන ගණනින් පහළ බසී

CTB ආදායම මිලියන ගණනින් පහළ බසී

by Staff writer 29-01-2021 | 2:21 PM

COLOMBO ( News 1st ) : ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 40 කින් පමණ පහත වැටී තිබේ.

එහි මෙහෙයුම් අධීකාරි ඒ.එස්. බී වීරසුරිය මහතා සඳහන් කළේ, ආසනගත මගීන් පමණක් ධාවනයට අවස්ථාව ලබා දීම හමුවේ එම තත්ත්වය ඇතිව ඇති බවයි. ඒ අනුව මේ වනවිට මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 45 ත් 50 ත් අතර මට්ටමක පවතින බව ඔහු පැවසුවේ ය. මෙහෙයුම් අධිකාරිවරයා මීට පෙර මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 75 ත් 80 ත් අතර මට්ටමක පැවති බවයි. මේ වනවිට බස් රථ 4500 අධික සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය. ඒ.එස්. බී වීරසුරිය මහතා සඳහන් කළේ, දුර ගමන් සේවා ඇතුළු සියලු බස් රථ සේවා සමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.