LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

by Staff writer 22-11-2020 | 3:32 PM

COLOMBO (News 1st) - "ලංකා ප්‍රිමියර් ලීග් " (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන " ලංකා ප්‍රිමියර් ලීග් " ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඒ, කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් යුතුවයි. ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ කිංග්ස්, දඹුල්ල වයිකිං, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් එම කණ්ඩායම් වේ. තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඊයේ රාත්‍රියේ සහ අද අලුයම දිවයිනට පැමිණියේය. ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ පකිස්ථාන ක්‍රීඩකයෙක් ඊට ඇතුළත්ය.