by Staff writer 15-11-2020 | 1:47 PM
COLOMBO (News 1st) - පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ කටයුතු ලබන 20 වැනි දා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්ෂ ජෙනරාල් එන්. පී. කේ රණවීර මහතා පැවසුවේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වෙළෙඳපොළේ කටයුතු ආරම්භ කෙරෙන බවය.
එදිනට වෙළෙඳපොළේ සියලු අංශ ආවරණය කරමින් සීමිත වෙළෙඳුන් පිරිසක් ඇතුළු කරගැනීමට පියවර ගන්නා බව ඔහු පැවසුවේ ය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත සෙසු වෙළෙඳුන් වෙළෙඳපොළ පරිශ්‍රයට ඇතුළු කරගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවයි.
පිටකොටුවේ පිහිටි මැනිං වෙළෙඳ සංකීර්ණය කඩිනමින් පෑලියගොඩ ප්‍රදේශයට ගෙන යාමට රජයේ අවධානය යොමු වුණේ, මැනිං වෙළෙඳපොළ ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 100 කට ආසන්න පිරිසක් හමුවීම ද හේතු කර ගෙනය.
පෑලියගොඩ ප්‍රදේශයේ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට නුදුරින් පිහිටි අක්කර 13 ක භූමි ප්‍රදේශයක ඉඳිවන නව වෙළෙඳ සංකීර්ණයට වෙළෙඳුන් යොමු කිරීමට මීට පෙර රජය සැලසුම් කර තිබුණි.
එම ව්‍යාපෘතිය 2014 වසරේදී ආරම්භ වූ අතර අදියර 3 ක් යටතේ එය නිම කිරීම මේ වනවිට කඩිනමින් සිදුව පවතින්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පුර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 69000 කි.
වෙළෙඳසැල් 1191 ක්, ආපනශාලා, විවේකාගාර, බැංකු පහසුකම්, එකවර වාහන 600 ක් පමණ නවතා තැබීමේ පහසුකම් ඇතුළු අංග රැසකින් මෙම ව්‍යාපෘතිය සමන්විතයි.
තොග වෙළෙඳුන්ට තම වාහනවලින්ම අදාළ වෙළෙඳසැල් වෙත ගමන් කිරීමේ පහසුව ද නව වෙළෙඳ සංකීර්ණය සතුය.