by Staff writer 04-11-2020 | 3:34 PM
COLOMBO (News 1st) : ගංගා දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා, සංචාරක හෝටල් ඇතුළු අයතනවලින් 60%කට අධික ප්‍රමාණයකට පරිසර බලපත්‍ර නොමැති බව පරිසර අමාත්‍යංශය පවසයි.
නිවේදයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ පරිසර බලපත්‍ර ලබාගෙන ඇති ඇතැම් ආයතන ද එහි නිර්දේශ අනුව කටයුතු නොකරන බවට හෙළිව ඇති බවයි.
ඒ හේතුවෙන් මෙරට ගංගා ආශ්රිත පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද අමාත්‍යංශය පෙන්වා දෙයි.
මීට පිළියමක් ලෙස දිවයිනේ ගංගාධාර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා -සුරකිමු ගංගා - නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ඊට, ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.
මේ යටතේ දිවයිනේ ගංගා ද්‍රෝණි 103ක් පිරිසිදු කොට සංරක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ.
සුරකිමු ගංගා වැඩසටහන සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 3200කි.