සිය සැමියා වූ ලූෂන් බුලත්සිංහලයන්ගේ 'රතු හැට්ටකාරී' සහ 'තාරාවෝ ඉගිලෙති', දයානන්ද ගුණවර්ධනගේ 'මධුර ජවනිකා ' වැනි නාට්‍යයන්හිත්, 'ගම්පෙරළිය', ජැක්සන් ඇන්තනිගේ 'ඇසළ කළුවර' වැනි ටෙලි නාට්‍යයන්හිත් ඇය රංගනයෙන් රංගන පෞරුෂය ප්‍රතිභාපන්න ය.
"රතු හැට්ටකාරී" වේදිකා නාට්‍යයේ රතු හැට්ටකාරිය ලෙසින් ඈ ගැයූ"දීකිරි දීකිරි...."
නම් ගීතය අදටත් ජනප්‍රියයි. විජේරත්න වරකාගොඩ සමගින්"රඟහල දැන් ඇත අඬ අඳුරේ.."
ගීතය ගයමින් ඇය අතිශය ජනාදරයට පත් වූවාය. ඇය සිනමාවේ ද මනරම් මතක රැසක් ඉතිරි කළා ය. "මහින්දාගමනය" හා "අසන්ධිමිත්තා" ඇගේ රංගන කෞෂල්‍යයෙන් හැඩ වූ චිත්‍රපට අතර විය. ප්‍රකට ගේය පද රචකයෙකු මෙන්ම නාට්‍යවේදියෙකු වන ලූෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වන ඇය ජනප්‍රිය ගායක හර්ෂ බුලත්සිංහලයගේ හා ඉන්ද්‍රචාපා බුලත්සිංහලගේ මෑණියන් ය.ඇය පසුගිය දිනක රාජ්‍ය නාට්‍ය උළෙලේ ජීවිතේ එක් වරක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන් ද පිදුම් ලබන්නී ය.
දිවි රඟ මඬලින් ඔබ බැස ගිය ද වේදිකාවේ, පුංචි තිරයේ හා සිනමාවේ ඔබ ඉතිරි කළ මතකයන් මෙරට ප්‍රේක්ෂක හදවත් තුළ සඳා රැදී පවතිනු ඇති. රතු හැට්ටකාරියනි, ඔබව නිවන් සුව.....!