අද රාත්‍රීයේ කොළඹට පැය 11 ක ජල කප්පාදුවක්

අද රාත්‍රීයේ කොළඹට පැය 11 ක ජල කප්පාදුවක්

by Staff writer 10-10-2020 | 7:23 AM

COLOMBO ( News 1st ) : කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10.00 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 1 සහ 11 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීම් පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් ඊට හේතුවී තිබේ.