අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය අද යි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සමරයි

by Staff writer 17-09-2020 | 4:19 PM

COLOMBO (News 1st) - ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය අද යි.

එතුමන් සිහි කරමින් අද සැමරුම් උත්සව කිහිපයක් පැවැත් විය. මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි අනගාරික ධර්මපාල පිළිරුව අභියස සැමරුම් උත්සවයක් පැවැත්වුණේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර පොළොන්නරුව නව නගර මංසන්ධියේ ඉදිකර ඇති ධර්මපාල පිළිරුව නිරාවරණය කිරීම හා පුෂ්පෝපහාර දැක්වීම ද අද සිදු කෙරුණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.