ඉරාජ්ට සහ ටෙහානිට නව තනතුරු

ඉරාජ් සහ ටෙහානි තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයට

by Chathuranga Rajapaksha 18-08-2020 | 4:07 PM
COLOMBO (News 1st) : ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ. ඒ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්වයි. ඒ අනුව, නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කර තිබේ. වසර 3ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.