සෞරව් ගංගුලිට සංගක්කාරගේ සහය

ICC සභාපති ධූරයට තරග වදින සෞරව් ගංගුලිට සංගක්කාරගේ සහය 

by Staff writer 27-07-2020 | 1:58 PM

COLOMBO (News 1st) :  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සඳහා තරග වදින ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතාට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සිය සහයෝගය පළ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

දක්ෂ ක්‍රිකට් නුවණක් සහ පරිපාලනයේ ඇති හසළ අත්දැකීම අනුව සෞරව් ගංගුලි මහතා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සඳහා සුදුසුකම පුද්ගලයා බව කුමාර් සංගක්කාර මහතා සඳහන් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් ය.