මත්ස්‍යයින්ට අත් වූ ඉරණම

බොල්ගොඩ ගඟේ සහ තිප්පිටි වැවේ මත්ස්‍යයින් මියයාමට හේතුව කුමක්ද ?

by Staff writer 22-07-2020 | 2:09 PM

COLOMBO ( News 1st ) : බොල්ගොඩ ගඟේ මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ඊයේ සිට බොල්ගොඩ ගඟේ මසුන් මියගොස් සිටි බවයි. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ ප්‍රදේශය පරීක්ෂා කළ බවයි. බොල්ගොඩ ගඟෙහි ජලයෙහි කිසිදු වෙනසක් නොමැති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. මේ අතර හලාවත, මාදම්පේ, තිප්පිටිවැවේ මසුන් විශාල වශයෙන් මියගොස් සිටින බව වාර්තා වේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්දයක්ද හමා යන බවයි. වැවට විෂ රසායනික ද්‍රව්‍යයක් එක්වීමෙන් මසුන් මියයන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පල කරයි. ජපන් ජඹර සහ තවත් ජලජ ශාකවලින් පිරි මෙම වැවෙන් වගා කෙරෙන කුඹුරු අක්කර ගණන දහසකට අධික ය. ප්‍රදේශයේ මිරිදිය මත්‍ස්‍ය කර්මාන්තයේ නිරත ධීවරයින් මේ වනවිට අපහසුතාවයට පත්ව සිටී.