කොළොන්නාවට හෙට පැය 16 ක කාලයක් ජල කප්පාදුවක්

කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පැය 16 ක ජල කප්පාදුවක්

by Staff writer 17-07-2020 | 2:35 PM

COLOMBO (News 1st) : කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පස්වරු 2 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පස්වරු 2 සිට අනිද්දා පෙරවරු 9 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අදාළ කාලය තුළ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති. මේ අතර හෙට පස්වරු 8 සිට පැය 10ක කාලයක් කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ. කොළඹ 11 සහ 12 ප්‍රදේශවලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.