by Staff writer 08-07-2020 | 7:12 AM
COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ ගබඩාවල ඇති මත්ද්‍රව්‍යවල තත්ත්වය හා එහි ප්‍රමාණයන් පරීක්ෂා කීරීම ආරම්භ කර තිබේ.
ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ද ලබා ගනිමිනි.
පොලිස් මධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය යළිත් ජාවාරම්කරුවන්ට ලබා දී ඇති දැයි තහවුරු කරගැනීම සඳහා මේ පියවර ගත් බවයි.
මේ අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන නිලධාරීන් 11 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්ඉන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවිල් පුද්ගලයෙකු ද අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.
රැඳවුම් නියෝග යටතේ ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
මේ අතර කඩවත පොලීසිය අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරිම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ය.