by Staff writer 30-06-2020 | 10:12 PM
COLOMBO (News 1st) : 2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා අද පැය 6 ක ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
ඒ ක්‍රීඩා වැරදි වැළැක්විමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමිනි.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකය කොළඹ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ භූමියේ පිහිටුවා තිබේ.