ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

21වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්

by Staff writer 28-06-2020 | 9:16 PM

COLOMBO (News 1st) – 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව මගින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තෝරාගෙන තිබේ.

2000 වසරේ සිට 2020 වසර දක්වා ටෙස්ට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මුත්තයියා මුරලිදරන් මෙලෙස 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. මුරලිගේ ටෙස්ට් කඩුළු 800න් ඔහු තරග 85ක දී ලබාගත් කඩුළු 573 ම ලබාගෙන ඇත්තේ 2000 ජනවාරි 1 සිට 2010 දක්වා කාලය තුළ ලබා ගෙන තිබේ. මෙම කාලය තුළ ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජේම්ස් ඇන්ඩර්සන් පමණි. ඇන්ඩර්සන් එහිදී කඩුළු 584ක් ලබාගෙන ඇත්තේ තරග 151කට ක්‍රීඩා කරමින් ය. එම නිසා මුරලිට මෙම අවස්ථාව හිමි වී තිබේ. ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභී පන්දු යවන්නා වන මුරලි ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස වැඩිම කාලයක් වාර්තා අතර රැඳී සිටි ක්‍රීඩකයා ද වීම විශේෂත්වයකි. මේ අතර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා අදහස් පළ කළේ ය.
මම අවුරුදු 20ක් ක්‍රිකට් ගහලා තියෙනවා. මම කාටවත් විවේචනය කරන්නෙත් නෑ. සිලෙක්ටර්ස්ලා කියන්නේ ඒ ගොල්ලන්ගේ මතයනේ. ඉතිං ඒ ගොල්ලන්ගේ මතය ඒ වෙලාවේ හරි කියලා හිතන්ඩ ඇති. මගේ මතය හැම එක්කෙනාම මතවල් දෙන්ඩ ගියොත් ටීම් එකක් තෝරන්ඩ බෑ. එතකොට අපි පිළිගන්න ඕනේ ඒ වෙලාවේ ඒ හිටපු සිලෙක්ටර්ගේ මතය ඒක නම් ඒක ෆයිනල් ඩිසිෂන් එකක් නම්, ඔක්කෝම ඇග්‍රි වෙලා නම් ඒ කණ්ඩායම ක්‍රීඩා කරයි. ඒකයි ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිටපු අවුරුදු විස්සේම වුණේ.