by Staff writer 18-06-2020 | 10:20 PM
COLOMBO (News 1st) : විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉමෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් හෙරොයින් බෙදා හැරීමේ මහා පරිමාණ ජාවාරමක් හෙළි කර ගැනීමට පොලීසිය සමත්වී තිබේ.
පොලිසිය සඳහන් කළේ රත්මලාන ජයසුමනාරාම ප්රදේශයේදී හෙරෝයින් ග්රෑම් 9 යි මිලි ග්රෑම් 500 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්රශ්න කිරිම් වලදි මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වූ බවයි.
පසුගිය මස 22 වැනිදා අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ජාවාරමෙන් උපයා ගන්නා මුදල් බැංකු ගිණුමකට බැර කරන බව පවසා තිබේ.
ඒ අනුව බැංකු ගිණුම පරීක්ෂා කර ඇති අතර එම ගි ණුම හරහා රුපියල් ලක්ෂ 4900 ක මුදලක් පරිහරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ගිණුම අයත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විමර්ශන මෙහෙයවන අතරතුර ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාර වී තිබේ.
සැකකරු 34 හැවිරිදි බුත්තල ගල්වත්ත හා පිළියන්දල දම්පේ යන ලිපිනයන් දෙකක පදිංචිකරුවෙකි.
ඔහු වැල්ලවාය ප්රදේශයේ ඇඟලුම් ආයතනයක සහකාර තත්ත්ව කළමණාකාරවරයෙකු ලෙස සේවය කරන බවද පොලිසිය සඳහන් කළේ ය.