by Staff writer 15-06-2020 | 10:47 PM
COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් කළ අනාවරණයෙන් පසු ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ගබඩා කර ඇති විමර්ශන සඳහා අවශ්‍ය වේ යැයි හැගෙන ලේඛන විනාශ නොවීමට වග බලාගත යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඉකුත් 11 වැනි දා සිරස TV ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් වූ පුවතක් සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය එවා ඇති නිවේදනයක මේ බව සඳහන් ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තොරතුරු වසන් කිරීමේ මෙහෙයුමක යන ප්‍රවෘත්තියට අදාළව මෙම නිවේදනය එවන බව අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ, තොරතුරු දැනගැනීමේ පනතට මුවා වී පැරණි ලිපිලේඛන තොගයක් විනාශ කිරීමට ගත් විධායක කමිටු තීරණයක් පිළිබඳ පුවත ක්‍රීඩා අමාත්‍යවරයාගේ කඩිනම් අවධානයට යොමුව ඇති බවය.
ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ගබඩා කර ඇති එම පැරණි ලිපිලේඛනවලින් යම් වටිනාකමකින් යුත් විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය වේ යැයි හැගෙන ලිපිලේඛන ඇතොත් ඒවා විනාශ කිරීම බරපතළ වරදක් බැවින් සංරක්ෂණය කළ යුතු ලිපි ලේඛන කිසිසේත්ම විනාශ නොවීමට වග බලාගත යුතු බවට නිලධාරීන්ට උපදෙස් දුන් බව මෙහි දැක්වේ.
එමෙන්ම, ජනතාවට හා ක්‍රීඩාවට වඩාත් සමීපව විශිෂ්ට අන්දමින් පුවත් වාර්තාකරණයේ යෙදෙමින් මෙම කරුණු පෙන්වාදීම සම්බන්ධයෙන් සිරස TV නාලිකාවට අමාත්‍යවරයා පෞද්ගලිකවම ස්තූතිය පළ කර සිටි බව ද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.