COLOMBO (News 1st) - 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය සහ ප්‍රතිඵල සමාලෝචන වාර්තාවට සිදු වන්නේ කුමක් ද?
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතරවාරයේ සහ සූදානම්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොයෙක් ගැටලු සහගත අවස්ථාවලට මුහුණදීමට සිදු විය.
සුගතදාස හෝටල පරිශ්‍රයේ නේවාසිකව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට ඩෙංගු රෝගය වැළඳුණු අතර තවත් පිරිසකට සිදුවුයේ නවාතැන් සොයා තැනින් තැනට ගමන් කිරීමටයි.
නවාතැන් පහසුකම් සැලසීමේ ඇති වූ අපහසුතා, ගුවන් ප්‍රවේශපත් වෙන් කිරීමේ දී ප්‍රමුඛතාව හඳුනා නොගැනීම මෙන්ම, මුදල් ගෙවා තිබියදීත් අද වන තෙක් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ඇගලුම් පවා ලැබී නොතිබීම ද මෙම ගැටලු අතරට ඇතුළත් ය.
ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට මූලිකත්වය ලබා දෙනු වෙනුවට නිලධාරීන්ට හා බලධාරීන්ට මූලිකත්වය දී ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් සිව්පුද්ගල කමිටුවක් පත් කෙරුණි.
එම කමිටුවේ සමාලෝචන වාර්තාවේ සඳහන් වන්නේ, 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ඔලිම්පික් කමිටුවේ මත ගැටුම් පැහැදිලිවම දක්නට ලැබුණු බවය.
එමෙන්ම, එම වාර්තාවට අනුව ක්‍රීඩා නීතියට පමණක් නොව ක්‍රීඩාවේ විනය ගරුත්වයට ද හානි වන කරුණු රැසක් පවති.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා,
මේ වාර්තාවේ සඳහන් වෙනවා ක්‍රීඩා 10 ක් සම්බන්ධයෙන්, ඒ ක්‍රීඩා 10 යම් යම් වැරදි අඩුපාඩුකම් සිදු වුණා කියලා. එතකොට ඒ 10 සම්බන්ධයෙන් අපි කමිටු 3 ක් පත් කරලා තිබෙනවා. ත්‍රිපුද්ගල කමිටු. එතකොට ඒ කමිටු වාර්තාව ඒ ගොල්ලෝ ගැඹුරින් පරීක්ෂා කරලා විශේෂයෙන්ම නිලධාරීන් කැඳවලා ඔවුන්ගෙන් සාක්ෂි විමසලා වෙනත් ලිපි ලේඛන තොරතුරු ලබා ගෙන ඔවුන් නිර්දේශයක් ලබා දෙනවා 19 වැනි දාට මේ ක්‍රීඩාවල මේ වාර්තාවේ සඳහන් වන ආකාරයේ වැරදි සිදු වුණාද සිදු වුණා නම් ඒ කවුරු අතින් ද ? කාටද වගකීම පැවරෙන්නේ කියලා. එතකොට ඒ වගකීම පැවරෙන පුද්ගලයා සම්බන්ධයෙන් පැහැදිලිවම ගරු අමාත්‍යවරයා විසින් නීත්‍යානුකූලව කටයුතු කරනවා. මොකද පනතේ විධිවිධාන තිබෙනවා ඕනෑම වැරදි කරන පුද්ගලයෙකුට දඬුවම් පමුණුවන්න.
2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ප්‍රතිඵල සමාලෝචන කමිටුවේ සභාපති ග්‍රෙගරි ගැමුණු ද සිල්වා මහතා,
ප්‍රශ්නවලට අපි ඕපන්ලි පෙන්නලා දීලා තියෙනවා. මේ සම්බන්ධව තමයි විශේෂ කමිටුවක් පත් කරන්න ඕනේ. මම කියන්නේ විනිශ්චකාරතුමෙක් යටතේ හොඳ ත්‍රිපුද්ගල හෝ පස් පුද්ගල කමිටුවක් පත් කරලා සොයන්න. මේකේ සිදු වුණු මේ අමාත්‍යංශයේ බොහෝ කමිටු පත් කළා ඒ කමිටු වාර්තාවක්වත් හොයා ගන්න නෑ. නමුත් ඒවට ඇක්ෂන් නොගත්ත නිසා ඒ නිලධාරීන් මේ දෙගොල්ලොම ඔලිම්පික් කමිටුව සහ අමාත්‍යංශයේ මේ දෙගොල්ලොන්ගෙම තිබුණු කඹ ඇදිල්ල තාමත් දිගටම යන නිසා ඉදිරියටත් මේ සිද්ද වෙයි. මේ නිලධාරීන් සම්බන්ධව ක්‍රියා කරලා එක්කො එක්කො එයාලා හදා ගන්න නැත්කම් එයාලට යම් විනයානුකූලව යම් යම් දේවල් කරලා එහෙම පිරිසිදු කරන්න කියලා. මොකද ඇමතිතුමා සහ ලේකම්තුමා විශාල කාර්ය භාරයක් කරන්න මහන්සි ගත්තත් මහන්සියේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ මේ තත්ත්වය උඩ