''ඡන්දය නිසා කිසිවෙකු කොරෝනා ගොදුරක් නොවිය යුතුයි'

''ඡන්දය නිසා කිසිවෙකු කොරෝනා ගොදුරක් නොවිය යුතුයි'' - අනුර කුමාර

by Staff writer 10-06-2020 | 9:53 PM
COLOMBO (News 1st) : මැතිවරණ ක්‍රියාදාමය හේතු කොටගෙන රටේ කිසිදු පුරවැසියෙකු කොරෝනා වසංගතයේ ගොදුරක් බවට පත් නොවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ,මේ වනවිට ආණ්ඩුව කුස්සිය වටකොට බදු ගහන ප්‍රතිපත්තියකට පැමිණ ඇති බවයි. පාර්ලිමේන්තුව අපරාධෙකාරයන්ගෙන් ගහනය ස්ථානයක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් පාර්ලිමනේතුව පිරිසිදු කර ගත යුතුව ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළේ ය.
''ව්‍යවස්තාදායකයේ අඛණ්ඩතාවය ව්‍යවස්තාවේ එය රැකලා තිබෙනවා. ඒ නිසා තමයි නව පාර්ලිමෙන්තුව මාස තුනක් කල් ඉක්මවයාමට පෙර කැදවිය යුතුයි කියන වගන්තියක් ව්‍යවස්තාවේ ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් පෙන්වමින් තිබෙන්නේ ව්‍යවස්තාදායකය පාර්ලිමෙන්තුවේ අඛණ්ඩතාව බිද වැටිලා තියෙනවා. ඒ වෙනුවට සිදුවෙලා තියෙන දේ තමයි + ඇත්ත ගත්තොත් ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂත් අමාත්‍යදූර කිහිපයක වගකීමක් ලෙස චමල් රාජපක්ෂත් ඒ වගේම ජනාධිපතිවරයාගේ විවිධ කාර්ය සාධක බලකායවල ප්‍රධානීයෙක් හැටියට බැසිල් රාජපක්ෂත් ඒ කියන්නේ පවුලක් රට පාලනය කරමින් තිබෙනවා. ඒ නිසා කල් නොයික්මවමින් මැතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. හැබැයි එහිදි මැතිවරණය වෙනුවෙන් මැතිවරණ ක්‍රියාදාමය හේතුකොටගෙන අපේ රටේ කිසිදු පුරවැසියෙක් කොරෝනා වසන්ගතයේ ගොදුරක් බවට පත් නොවිය යුතුයි. අවාසානයේදී ආණ්ඩුව කුස්සිය වටකොට බදු ගහන ප්‍රතිපත්තියකට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම තියෙන්නේ අද රාක්කේ අද බඩු නෙවෙයි බදු.නැවුම් ගමනක් යාවී කියලා විශාල අපෙක්ෂාවක් තිබුනාඅපි හොරකම් කරපු ඇමිතිවරු රැක්කා කිව්වා. දැන් අපි දැනගන්න කැමතියි ඒ චෝදනා ලබපු කවර හෝ කෙනෙක් ඉවත් කොට ලයිස්තු සකස් කරාද කියලා කියන්න. අරක්කු කම්හල් නියෝජිතයෝ පාර්ලිමෙන්තුවේ ඉන්නවා. බාර් හිමියන් පාර්ලිමෙන්තුව නියෝජනය කරනවා. සහල් මාෆියාවට අදාල අය පාර්ලිමෙන්තුව නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන වැලි තොටවල් වැලි කපනය අය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන පස් කපන්නන් පාර්ලිමෙන්තුව නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන රේස් බුකි කරුවන් පාර්ලිමෙන්තුව නියෝජනය කරනවා. ඒ නිසා මේ පාර්ලිමෙන්තුව අපරාධ කාරයන්ගෙන් ගහනය වෙච්ච ස්ථානයක් බවට පත්වී තිබෙනවා. අන්න ඒ පාර්ලිමනේතුව සුද්ද කරන්න ඕන.
https://www.facebook.com/NewsfirstSL/videos/299561804399837/