යාපනය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට මොක ද වුණේ..?

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මොක ද වුණේ..?

by Staff writer 09-06-2020 | 10:43 PM
COLOMBO (News 1st) : හෝමාගම, දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සූදානම් වෙද්දි එලෙස රටවටා ඉදිකිරීමට සූදානම් වූ තවත් ක්‍රීඩාංගණ කිහිපයකටම අත්ව ඇති ඉරණම අප පසුගිය දින කිහිපයේම වාර්තා කළේ ය. පොළොන්නරුව ක්‍රීඩාංගණය ඉදිකිරීම පිළිබඳ අප සිදු කළ අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න එහි සංචාරය කර තිබේ. ඒ අතර වාරයේ මඩකලපුව තිරායී මඩු ප්‍රදේශයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා එහි අක්කර 20 ක භූමි ප්‍රදේශයක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බවට ද සහතික වී ඇතැයි සඳහන් ය. ඒ ගැන මඩකලපුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමග සාකච්ඡාවක් ද කර තිබේ. 2017 ජනවාරි 27 වැනිදා මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නරුවික්කුලම් ප්‍රදේශයේ ඉදිකිරීමට මුල්ගල් තැබූ ගෘහස්ත ක්‍රීඩාංගණයට අද අත්ව ඇති ඛේදනීය ඉරණමකි. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩාංගණය සඳහා රුපියල් මිලියන 193.3 ක් මුදලක් වෙන් කර තිබේ. එසේම 2017 වර්ෂයේදී යාපනයේ මන්ඩෛතී වු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට එවක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යාපනයේ සංචාරය කළේ ය. ඒ පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යය ද වාර්තා කර තිබිණ. මෙම ක්‍රීඩාංගණය ඉදිකරීම සඳහා 2017 වසරෙදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙන් කළ මුදල 100,000,000.කි. ඔබ වියදම් කරන්නේ ඔබේ මුදල් නම් ඔබම කියන විදියට කවුරු කොහොම කිව්වත් කම් නැහැ. මතක තබා ගන්න..... මේ ඔබේ මුදල් නොවන බව.... ගරු සේවයට පැමිණි උප සභාපති ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙලෙස හිතුමතේ විනාශකර දමන්නේ මෙරට දරු පරපුරේ ක්‍රිකට් අනාගතයයි. රටේ ක්‍රීඩාවට ලැදී අය කනගාටුවන්නේ ඔබ වැන්නවුන් ඇස් පනාපිට කරන මේ නාස්තිය දැක නොදැක්කා සේ සිටින ඇතැම් පාලකයින්ද සිටිනා නිසයි. https://www.facebook.com/NewsfirstSL/videos/3142213665843371/