මාලිගාවත්තේ තෙරපීමකින් තිදෙනෙක් මියයති

මාලිගාවත්තේ තෙරපීමකින් තිදෙනෙක් මියයති

by Staff writer 21-05-2020 | 2:28 PM

COLOMBO (News 1st) - මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක් අසල මුදල් බෙදාදීමක් අතර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.

ඉන් තවත් 09 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. ඒ අතර කාන්තාවන් 7 දෙනෙකු හා පිරිමි දෙදෙනෙකු වන බව එහි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහතා සඳහන් කළේ ය. වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. https://www.youtube.com/watch?v=esTvTtdbueA&feature=youtu.be