යෝජිත හෝමාගම ක්‍රීඩාංගණයට සල්ලි කොහෙන් ද?

යෝජිත හෝමාගම ක්‍රීඩාංගණයට සල්ලි කොහෙන් ද?

by Staff writer 19-05-2020 | 9:06 PM
COLOMBO (News 1st) : හෝමාගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අද දිනයේත් විවිධ අදහස් පළ විය. මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 8කි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල පියවා ගැනීමට අපේක්ෂා කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 .5 ක් වාර්ෂිකව ගෙවන පරිදි බැංකුවකින් හෝ වගකිවයුතු මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීම හරහායි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණ අපේක්ෂක අපේක්ෂක උදය ගම්මම්පිල මෙලෙස මහතා පැවසුවේ, අයි.සී.සී ආයතනය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 30 ක මුදලක් වෙන් කර ඇති බවයි. අයි.සී.සී ආයතනය ශ්‍රී ලංකාවට වෙන් කළා ඩොලර් මිලියන 30 ක්. අලුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට. ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සල්ලි දෙන්නේ ක්‍රිකට් පිටි හදන්න ක්‍රිකට් දියුණු කරන්න පමණමයි. එතකොට එතන ලංකාන්ඩුවේ සල්ලි සතයක්වත් නෑ. ඒ සල්ලි අපි පිවිච්චි නොකලොත් වෙන රටකට ලබා දෙනවා ක්‍රිකට් පිටියක් හදා ගන්න. කෙසේ වෙතත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය හා සන්නිවේදන කළමනාකරු රාජේෂ්කර් රාඕ පැවසුවේ, සිය ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර කිසිදු විදිහක ක්‍රීඩාංගණයක් ඉදි කිරීමක් සම්බන්ධයෙන් ගිවිසුමක් හෝ සාකච්ඡාවක් නොමැති බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ යටිතල පහසුකම් සංවර්ධය ඕනෑම ක්‍රීඩාවකටම වැදගත් බවයි. එහෙත් මේ අවස්ථාවේදී එවැන්නකට ප්‍රමුඛතාව දීම යුතුදැයි බරපතළ ලෙස සිතා බැලිය යුතු බවයි. එසේම අවසන් තීරණයක් ගැනීමට පෙර සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කරමින් අවසන් තීන්දුවක් ගැනීම වගකිව යුතු බලධාරීන්ගේ ප්‍රමුඛතම අරමුණ විය යුතු බවයි. මේ අතර නිවේදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අනාවරණය කරන්නේ ඔස්ට්‍රේලියාවටත් වඩා දැනටමත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණ සංඛ්‍යාවක් තිබෙන බවයි. ඒ අතරින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද වන විට අත්හැර දමා තිබෙන බව පෙන්වා දෙන රණතුංග මහතා අවධාරණය කරන්නේ කළ යුත්තේ එවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිස අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ඉදි කිරීමට අතිවිශාල මුදලක් වැය කිරීම නොවන බවයි. පසුගිය වසර තුනේදීම හම්බන්තොට සූරියවැව ක්‍රිඩාංගණයේ පවත්වා ඇත්තේ එක් තරගයක් පමණක් බව පෙන්වා දෙන රණතුංග මහතා පසුගිය වසර තුනේදී දඹුල්ල ක්‍රීඩාංගණයේ එකදු ජාත්‍යන්තර තරගයක්වත් පවත්වා නොමැති බව සිහිපත් කරයි. https://www.facebook.com/NewsfirstSL/videos/1164333867250386/