by Staff writer 20-04-2020 | 5:09 PM
COLOMBO (News 1st) - රජය විසින් ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථවල බලපත්‍ර අවලංගු කරන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල මගීන් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.
මේ පිළිබඳව දැඩි පියවර ගන්නා ලෙස ජාතික ගමනා ගමන කොමිසම ඇතුළු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල නිලධාරින්ට උපදෙස් දුන් බව ද ඔහු සඳහන් කළේය.