by Staff writer 18-04-2020 | 10:17 AM
COLOMBO (News 1st) - අත්හිටුවා ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කිරීමත් සමග එම ආයතනවල සේවකයින් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ සහ දුම්රිය යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ලබන සඳුදා( 20 වැනි දා) සිට අදියර කිහිපයක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ලංගම බස් රථ 5000 ක් සහ දුම්රිය 400 ක් යෙදවීමට නියමිතය.
ආරක්ෂක හා සෞඛ්‍ය අංශ ලබාදෙන මාර්ගෝපදේශ යටතේ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
ඒ අනුව කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා මුඛ ආවරණ සැපයීමටත්, බස් හා දුම්රිය විෂබීජ හරණය කිරීමටත් නියමිතය.
මීට අමතරව කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුරබැහැර සිට එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී පවතින දුෂ්කරතා අවම කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.