සෙල්ෆි සහ අතට අතදීම්වලට එංගලන්තය අකමැති වෙයි

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න එංගලන්ත ක්‍රිකට් පිල වෙනසකට සැරසෙයි

by Staff writer 12-03-2020 | 7:54 AM

‍News 1st - ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායම කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසයි.

ඒ අනුව එම කණ්ඩායම මෙම තරගාවලියේදී මහජන සම්බන්ධතා සීමා වන ලෙස හැසිරීමට ඔවුන් තීරණය කර තිබේ. ලබන 19 වැනි දා ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී ඊයේ පැවැත්විය. එහිදී අදහස් දැක්වූ එංගලන්ත නායක ජෝ රූට් පැවසුවේ, කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තම කණ්ඩායම අපේක්ෂා කරන බවයි. ඒ අනුව ප්‍රසිද්ධ ස්ථාවල කාලයගත කිරීම, අතට අතදීම, සමරු සටහන් ලබා දීම, සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීම වැනි කටයුතුවලින් ඔවුන් බැහැර වනු ඇති. මේ අතර ලංකාවේ පවතින උෂ්ණාධික කාලගුණය යටතේ තම කණ්ඩායම මේ වනවිට පුහුණුවීම්වල නිරත වී ඇති බවත්, තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වීමට උත්සාහ කරන බවත් එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ගොඩක් හොඳ මානසික මට්ටමක් තියෙනවා දැන් කණ්ඩායමේ. සිම්බාබ්වේ තරගාවලියෙදිත් අපි සාමාන්‍ය දුරට හොඳට කළා. ලංකාවේ ක්‍රීඩා කරන්නේ. මං හිතන්නේ ඒ හෝම් ඇඩ්වාන්ටේජ් එක අපිට කොහොමත් තියෙනවා. නමුත් එංගලන්තය කියන්නේ හොඳ කණ්ඩායමක්. ඔවුන් වෙනත් කණ්ඩායම් වගේ නෙවෙයි ගොඩක් හොඳින් මේ වගේ තණතිලිවල ක්‍රීඩා කරන කණ්ඩායමක්. ඒක හින්දා ඒ අත්දැකීම් එක්ක ගොඩාක් හොඳ ප්ලෑන්ස් වගයක් තියෙනවා. බලාපොරොත්තු වෙනවා කණ්ඩායමක් විදිහට හොඳින් කරගෙන යන්න. එංගලන්ත කණ්ඩායමේ ඔවුන් තීරණය කරලා තියෙනවා ඔවුන් අතට අත නොදෙන්න. නමුත් ඔවුන් වෙනම ආචාරශීලීත්වයක් අනුගමනය කරනවා. නමුත් අපි හිතන්නේ එක එක කණ්ඩායම් එක එක දේවල් අනුගමනය කරනවා. කණ්ඩායම් විදිහට අපිත් ඒ වලට හිස නමන්න ඕනේ. මොකද ක්‍රිකට් වගේම අපිට ඒ වෛරස් එකෙන් මේවා වෙන්නත් අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතිං මං හිතන්නේ ඔවුන් ඒ ගත්ත ක්‍රියාමාර්ගය එක අතකින් හොඳයි.