ශ්‍රී ලංකා - කොදෙව් 20යි 20 සටන අද ඇරඹේ

ශ්‍රී ලංකා - කොදෙව් 20යි 20 සටන අද ඇරඹේ

by Staff writer 04-03-2020 | 8:52 AM

News 1st - ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භවේ.

මෙම තරගාවලියට පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග දෙකක් ඇතුළත්ය. අද තරගය සඳහා දෙපිලේම ක්‍රීඩකයින් ඊයේ පුහුණුවීම්වල නිරත විය. ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසන්නේ එක්දින තරගාවලිය ජයගෙන කණ්ඩායම යහපත් මානසික තත්ත්වයක පසුවන බවයි. එක්දින තරගාවලියේදී මෙන්ම මෙම තරගාවලියේදී ද ජයග්‍රහණ ලැබීමට අපේක්ෂා කරන බවට ඔහු සඳහන් කළේ ය. මේ අතර බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් අද සහභාගී වන්නේ තම 500 වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයටයි. තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට නියමිතයි.